Description
අභිලේඛනා වෙළුම 1
යාපනය සහ වන්නි කලාපයේ අභිලෙඛනවලින් හෙළිවන සමාජය
ප්‍රකාශනය – බෞද්ධාලෝක පදනම, 2025
සංස්කරණය –
- ඉන්දික විතානගේ
- ඉෂංක මල්සිරි
- චන්දිම අඹන්වල
පිටු 87 කින් සමන්විත මෙම මාහැඟි ග්‍රන්ථය ශ්‍රී ලංකාවේ ඉතිහාසය අධ්‍යනය ක්ෂේත්‍රයේ ඇති විශාල අඩුවක් පුරවන්නකි. යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කයන්හි ඇති පැරණි සෙල්ලිපි මෙම ග්‍රන්ථයෙන් ප්‍රකාශයට පත් කෙරේ.යාපනය සහ වන්නි කලාපයේ ඉතිහාසය මෑත කාලයේදී වඩාත්ම විකෘති කිරීම්වලට ලක් වූවකි. එවන් පසුබිමක, සෙල්ලිපි සාධක යනු අතිශයින්ම තීරණාත්මක මෙන්ම වඩාත් විශ්වසනීය සාධකයකි.මෙම අගනා ග්‍රන්ථය යාපනය – වන්නි කලාපයේ ඉතිහාසය, එම කලාපයෙන් හමුවන අභිලේඛන ඔස්සේ ශාස්ත්‍රීය ලෙස ගොඩනංවමින් ඉදිරිපත් කරන්නේ, දැනට යාපනය ප්‍රදේශයේ ඉතිහසය සම්බන්ධයෙන් පවත්නා දුර්මත සහ මිත්‍යා මතද, ප්‍රබන්ධ ද, ශාස්ත්‍රීය ලෙසත් සත්‍යවාදී සහ තාර්කික ලෙසත් නිෂ්ප්‍රභා කරමිනි.යාපන දිස්ත්‍රික්කයෙන් හමුවන අභිලේඛන දාහතර සහ වන්නි කලාපයෙන් හමුවන අභිලේඛන හතර මෙම ග්‍රන්ථය තුළින් විග්‍රහ කරමින් ඉදිරිපත් කෙරේ.
Abhilekhana – Volume 1
The Society Revealed the Inscriptions of Jaffna and the Vanni Region
Published the Bauddhaloka Foundation, 2025
Edited Indika Withanage, Ishanka Malsiri, and Chandima Ambanwala
This valuable 87-page book fills an important gap in the field of Sri Lankan history studies. It presents a collection of ancient inscriptions found in the Jaffna and Kilinochchi districts.In recent times, the history of the Jaffna and Vanni regions has been greatly affected various distortions. In such a situation, inscriptional evidence becomes extremely important, as it is one of the most reliable sources for understanding the past. Using these inscriptions, this book presents the history of the Jaffna–Vanni region in a clear and academic way. At the same time, it helps to correct the misunderstandings, myths, and false ideas that currently exist about the history of the Jaffna region, doing so in a factual and logical manner.The book includes and explains fourteen inscriptions from the Jaffna district and four inscriptions from the Vanni region.




