Description
පී. වීරසිංහ ඉතිහාස ග්‍රන්ථ එකතුව
සංස්කරණය –
- ආචාර්ය සුමේධ වීරවර්ධන
- නීතිඥ සමිත් කල්හාර
- සමීර ප්‍රසංග
ප්‍රකාශනය – බෞද්ධාලෝක පදනම, 2025
මෙම අගනා ග්‍රන්ථය, පී. වීරසිංහයන් විසින් රචිත දුර්ලභ කෘති පහක එකතුවකි. ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ අධ්‍යනය කරන්නෙකුට පී. වීරසිංහයන්ගේ කෘති නොසලකා හැරිය නොහැක. විශේෂයෙන්ම උතුරු පළාතේ ඉතිහාසය ගවේෂණය කරන්නෙකුට මෙතුමා විසින් රචිත ග්‍රන්ථ හය නොසලකා සිටිය නොහැක. ගුරුවරයෙකු, රාජ්‍ය සේවකයකු, ඉතිහාස සහ පුරාවිද්‍යා ගවේෂකයකු, ජනශ්‍රැති පර්යේෂකයකු වශයෙන් පී. වීරසිංහ මහතා විවිධ විෂයන් ගැන කෘති 8 රචනා කොට ඇත. ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස සිය වෘතීය ජීවිතය ආරම්භ කල එතුමන්, සිංහල සහ ඉංග්‍රීසි බසින් පුවත්පත් ලිපි 200 කට ආසන්න ප්‍රමාණයක් රචනා කොට ඇත.
එතුමන්ගේ ඉතිහාස ග්‍රන්ථ 6 ඉහළ වටිනාකමකින් යුතු වුවද, අද වන විට එම කෘතීන් සොයා ගැනීම දුෂ්කර කාර්යයක් වේ ඇත. එහෙයින්, බෞද්ධාලෝක පදනම විසින් මහත් වූ පරිශ්‍රමයක් දරා, කැප වෙමින්, එම ග්‍රන්ථ හයෙන් පහක් මෙසේ නව මුද්‍රණද්වාරයෙන් ඔබට තිලිණ කරයි.
මෙහි ප්‍රකාශිත පොත පහ නම්:
- නාගයන්ගේ පා සටහන් – වවුනිය දිස්ත්‍රික්කයේ පුරාවස්තු
- යාපනය; නාගදීපය – මිණිනාග දිවයින – යාපාපටුන
- සිංහල සිංහයා සහ මන්නාරමේ පුරාවස්තු
- පරණ නොවන පරණවිතාන
- Ptolemy & Nagadipa
- නාගයන්ගේ පා සටහන් – වවුනිය දිස්ත්‍රික්කයේ පුරාවස්තු
මේ ග්‍රන්ථය තුළින් වර්තමාන වවුනියා සහ මුලතිවු දිස්ත්‍රික්කහි වැළලී ගිය ඉතිහාසය සහ දැයට අහිමව යන පුරාවස්තු පිළිබඳව මනා අවබෝධයක් ලබා ගත හැකිය. එසේම ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේද කතා බහට ලක්වෙන නාග සංකල්පය ගැනත්, ලංකා ඉතිහාසය සහ සිංහල ශිෂ්ටාචාරය පිළිබඳ බොහෝ අප්‍රකට තොරතුරු රැසක් ඉදිරිපත් කෙරේ.
- යාපනය; නාගදීපය – මිණිනාග දිවයින – යාපාපටුන
මෙම අගනා ග්‍රන්ථයෙන් යාපනය සහ නාගදීපයේ සැඟවුණු ඉතිහාසය පිළිබදව බොහෝ වටිනා මෙන්ම අප්‍රකට තොරතුරුද ගෙන හැරපායි.
- සිංහල සිංහයා සහ මන්නාරමේ පුරාවස්තු
මෙම ග්‍රන්ථයෙන් මන්නාරම් දිස්ත්‍රික්කයේ සහ ශ්‍රී ලංකාවේ සිංහල ශිෂ්ටාචාරයේ මූලාරම්භක අවදිය පිලිබඳ දුර්ලභ මෙන්ම වටිනා තොරතුරු රැසක් හෙළි වේ. එසේම මෙම ග්‍රන්ථයෙන්, සිංහල ඉතිහාසය විකෘති කිරීමේ යුහුසුළුව නියැළුණු දෙමළ ලේඛකයන් සහ පර්යේෂකයන්ගේ කූට මෙන්ම නිර්ලජ්ජි උපායයන් ද වීරසිංහ මහතා විසින් නිර්භයව ඉදිරිපත් කර ඇත.
මෙම ග්‍රන්ථය ඔස්සේ වීරසිංහයන් ටොලමිගේ ඓතිහාසික සිතුවමෙහි සටහන් කොට ඇති පැරණි ලංකාවේ නගර, ගම් සහ භූ ගෝලීය ස්ථාන හඳුනා ගැනීමට උත්සහ කරයි.
- පරණ නොවන පරණවිතාන
ශ්‍රී ලංකාවේ ඉතිහාසය සහ පුරාවිද්‍යා පර්යේෂණ ක්ෂේත්‍රය ගෝලීය තලයේ ඔසොව තැබූ, එතෙක් මෙතෙක් ලංකා පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ පතාක යෝධයා වන මහාචාර්ය සෙනෙරත් පරණවිතාන මහතා පිළිබඳව රචිත මේ අගනා ග්‍රන්ථය එතුමන්ගේ චරිතාපදානය සහ වෘතිය ගමන් මග පිළිබඳ බොහෝ කරුණු ඉදිරිපත් කරයි.
- Ptolemy and Nagadeepa (ටොලමි සහ නාගදීපය)
මෙම පොත, ශිලාලේඛන, සංකේත සහ ස්ථාන නාම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, ශ්‍රී ලංකා ඉතිහාසය, පුරාවිද්‍යාව සහ සිතියම් විද්‍යාව පිළිබඳ පී. වීරසිංහගේ පර්යේෂණ ඉදිරිපත් කරයි. මෙම පොතෙහි කතුවරයා ශ්‍රී ලංකාවේ උතුරුකරයේ ඉතිහාසය සහ පුරාවිද්‍යාව විස්තරාත්මකව ගවේෂණය කරයි. කුරුන්දී ආරාමය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ද ඔහු ඉදිරිපත් කරයි.
පී. වීරසිංහ මහතා ශ්‍රී ලංකාවේ දෙමළ නම් ජන කොටසේ ආරම්භය සහ වර්ධනය මෙන්ම ස්ථාවර වීම ගැනත් පර්යේෂණාත්මකව තොරතුරු ඉදිරිපත් කරයි.
එසේම ඔහු විසින් සන්සෝනි කොමිසමේ වාර්තාවද ප්‍රකාශයට පත් කරයි.
A Collection of P. Weerasinghe’ Books on History
Edited –
- Dr. Sumedha Weerawardena
- Lawyer Samith Kalhara
- Sameera Prasanga
Published – Bauddhaloka Foundation, 2025
This valuable book is a collection of five rare works written P. Weerasinghe. A scholar who studies the history of Sri Lanka cannot ignore the works of P. Weerasinghe. Especially a researcher who is interested in the history of the Northern Province cannot ignore the six books written him. As a teacher, a civil servant, a historian and archaeologist, and a folkloric researcher, P. Weerasinghe has written eight books on various subjects. He started his career as an English teacher and has written nearly 200 newspaper articles in Sinhala and English.
Although his six books written on history and archaeology are of great value, they are difficult to find today. Therefore, the Bauddhaloka Foundation, with great effort and dedication, proudly presents a collection of these five rare books as one publication.
The five books published here are:
- Footprints of the Nagas – Antiquities of the Vavuniya District
- Jaffna; Ancient Nagadipa – Mininaga Divayina – Yapapatuna
- The Sinhala Lion and Archaeology of Mannar
- Paranavithana, who never gets old
- Ptolemy & Nagadipa




