Description
ශ්‍රී ලංකාවේ පුස්කොළ ලේඛන සංස්කෘතිය
පූජ්‍ය හෙම්මාතගම පියදස්සි හිමි
ප්රකාශනය – බෞද්ධාලෝක පදනම, 2025
ශ්‍රී ලංකාවේ අතීත සන්නිවේදන මාධ්‍ය අතුරෙන් පුස්කොළ පොත් ප්රධානත්වයෙහිලා සැලකේ. වසර දෙදහකටත් අධික ශ්‍රී ලංකාවේ ඉතිහාස සහ සංස්කෘතික කතාන්දරයේ ප්‍රධාන සාක්ෂිකරුවන් මෙන්ම සන්නිවේදකයන්ද වන පුස්කොළ ලේඛන කලාවේ ප්‍රධානම පරමාර්ථය වී ඇත්තේ ත්‍රිපිටක ධර්මය හා ඒ ආශ්රිත සාහිත්‍ය සම්ප්රදාය ලේඛනය කිරීමයි.එපමණක් නොව, පුස්කොළ පොත් යනු අපගේ අස්පර්ෂිත සංස්කෘතික උරුමය පරපුරෙන් පරපුරට සම්ප්‍රේෂණය කරන්නා වූ ගබඩාවකි.පිටු 223 කින් සමන්විත මෙම මාහැඟි ග්‍රන්ථය ශ්‍රී ලංකාවේ පුස්කොළ පොත් ඉතිහාසය මෙන්ම, ඒ හා බැඳුණු සංස්කෘතිය ගැනත් වටිනා තොරතුරු රැසක් ඉදිරිපත් කරයි. පරිච්ඡේද පහක් ඔස්සේ පුස්කොළ පොත්වල ඓතිහාසික විකාශය, පුස්කොළ ලේඛනයෙහිලා බලපෑ සංස්කෘතික මූල, පුස්කොළ පොත් නිපදවීම හා බැඳුණු සංස්කෘතිය, ඥාන සංරක්ෂණය සහ ග්රන්ථ පවත්වාගෙන යාම යන කරුණු සවිස්තරාත්මකව සාකච්ඡා කෙරේ.
Palm – Leaf Manuscript Writing Culture of Sri Lanka
By Venerable Hemmathagama Piyadassi Thero
Published – Bauddhaloka Foundation, 2025
Palm – leaf manuscript books are considered to be one of the most important means of communication in ancient Sri Lanka. The main witness and communicator of Sri Lankan history and culture for over two decades, the main purpose of palm leaf writing is to document the Tripitaka Dhamma and its associated literary traditions.Moreover, palm leaf manuscripts are a repository that transmits our intangible cultural heritage from generation to generation.This 223-page book presents a wealth of valuable information about the history of palm – leaf manuscripts in Sri Lanka and the culture associated with it. Five chapters discuss in detail the historical development of palm – leaf manuscripts, the cultural roots that influenced palm – leaf manuscript writing, the culture associated with the production of palm – leaf manuscripts, the preservation of knowledge, and the maintenance of these manuscripts.




